Sunday, October 7, 2018

කක්කුටු පරිච්ජේදය

                                  මා කුඩා කල උන්දැ ට්යුෂන් මාස්ටර්වරයෙකි. පොල් ලෙල්ලක් වන් උඩු රැවුලකි. කොට ඝනකම් හිස් කෙයිය සහිත ඔළුවකි. පඩත්තල වදන් දෙසා බාන මුඛරි කටකි. මා තරුණ වන විට,  උන්දැ උඩු රැවුල  වෙනුවට මුහුණ පුරා රැවුල වවා ගත් බමූනූ මුහුනකටද, දිගු කෙස් වැටියක් උන්ඩී කොට හිස මුදුනේ ගැට ගසා ගත් ශිර්ෂයකටද වෙස් මාරු කරගත්, විශ්‍රාමික, හිස නිකට පැසුනූ  ගුරෙකි. මහා මැතිවරණයට දේසයට නොගැලෙපන කැම්පේන් එකක් කොට ඉල්ලන් කා ගත්තෙකි. 
   උන්දැ ඇත්තටම මට පොරකි, අයිඩල් එකකි. උන්දැ අඩි පහක් පමන උසැති ශරීර පොඩ්ඩෙකි. මම පොරට ලවු කරමි. ගොඩක් උන් උන්දැගේ අම්මාට පවා පින් දෙති.  ලොව එහෙමය. ලාභ අලාභ, නින්දා ප්‍රසංශා, යස අයස්, සැප දුක් අප සැමට උරුමය. බුදුරදුන්ගේ ධර්මයට අනුවත් ඒසේය.  
  
   පවතින ක්‍රමයට අභීයෝග කිරිමට සියලු සත්ව‍යෝ බිය වෙති. මන්දයත්, දන්ඩණයට, අපහාසයට, මර්ධනයට අප බිය වෙමු. බහුතර මතයට අපි හිලෑ උන යක්කු වෙමු. එසේ නොවනෝ ගල් පෙරලිම්, වස දීම්, කුරුසපත් වන්නට භාගයවන්ත‍යෝ වූවෝය. වෙඩි තැබිම්, ටයර් සෑ මත සැතපෙන්නට  භාගයවන්ත‍යෝ වන්නෝය.

සාහිත්‍ය බලයකි. මැජික් ගුලාවකි.  හිස පිරා තෙල් ගා හුජ්ජ යන්නට ටොකු අනින්නට හැකිය. නැතිනම් ටොකු අනිනවා සේ පෙන්වා, පුප දෙන්නට හැකිය. ලක්දිව බොහෝ පොත් කුරුටු ගාන හූරන්, පුප දෙන්නට රුසියෝය, සූරයෝය.

 භික්ෂු පරිච්ජේදය පොතකි. පිටු හාරසිය ගනනකි. එහි කතුවරයාද, මෙහි උන්දෑද උපුල් ශාන්ත සන්නස්ගලයි. 
සිවුරුද, කලිසන්ද, සරම්ද සහ එකි මෙකී නොකී සියලු වස්ත්‍රරද  රෙදි වග්ගයට අයිතිය. රෙදි ගැලවිමකි. හුජ්ජ යන්නම ටොකු ඇනීමකි. පොතේ සුදු පිටු අතර මජර සිව්රුදාරින්ගේ ගඳ ගහන පැට්කිරිය කළු අකුරින් ලියා ඇත. කරුමයකි. මීට වඩා බලු කහකඩ කතා අපද දනිමු. අහෝ පවකි. අපි එවා ලියන්නට, ගැලරියට කියන්නට බිය වන්නෙමු. ලියන්ට කියන්ට ඕන උනත් භාෂාව නම් තුවක්කුද, වදන් නැමති උන්ඩද නැත, ඔය දෙකම තිබුනත්  කොකාට අත තබා අදින්නට දහිරියද අපට නැත්තෙමු. 
සන්නස්ගල සිම්බා නම් බලු වෙස් ගත් ආත්මිය පුතෙකුට බණ කියයි.  බණ පොත් රැසක් විකිණි අවසානයෙත් කිසිම හැල හොල්මනක්, කෑ මොර දිමක්, ගර්ජනයක්, තර්ජනයක් නැත.  පැටලිලි සහගත හැසිරිමකි. ගුප්ත මනෝ විකාර බවකි. 
              නැත නැත, කදිමම උපාය මාර්ගයකට මේ චෞර චුදිතයන් එළඹ ඇත.  කම්පිත නොවී තමාට වාසි  සහගත දේශපාලන හා සමාජීය පොර පිටියක් ලැබෙන තුරු ඉවසා වදාරා සිටිති. කලබලය තමාට පාඩුවක් බවත්, අනෙකාට තමා පහසු ඉලක්කයට වන බවත් චුදිතයන් දනී.  දිගු නිහඩතාවයකට පසු ඇත්තේ කුනාටුවක් නොව මර්ධනයයි.  
 රතන සූත්‍රය බුදුරදුන්ගේය. තුන් බිය නැති කරන්නට, රතන සූත්‍රය සජ්ජායන කරමින්, අමනුස්සයන් පලවා හරිම්න්, සඟ ගණ  විසාලා නුවර පුරා වැඩියෝය. එය සාමුහික උතුම් අරමුනක් සහිතවූ ක්‍රියාවකි.  ඉතින්  මජර  චෞර  කපටියන් නිරුවත් කරන්නට තව බොහෝ සන්නා පන්නයේ උන් ඕනැය. එය උපුල්ට  හෝ සන්නාට තනියෙන් කරන්නට හැකි දෙයක් නොවන්නේය. ඔහු ගඩොලක් බුරුලු කොට පෙන්වා ඇත. පවුර පෙරලිම අප සැමගේ යුතුකමක් වන්නේය.
මෙතැනින් ප්‍රධාන කතා වස්තුව නිමි අතර අතුරු කතාවක් අරඹමි.

මගේ මී ආච්චි ( අම්මගේ තාත්තගේ අම්මා), මට කියු රස කවියක් මට මතකය.  එය මිය ගිය එතුමියට පින් පිනිස මෙහි අමුණමි.

   හා:  කක්කුටු නයිදේ කොයි සිට      වඩිතා
   ක:   තට්ට ස්වාමිණි ගෙයි සිට         දොරටා
   හා:   උත්තම දානෙට යස ලුනු         මිරිසා
   ක:   තට්ටෙම පැලියන් ඔය කී         බසටා

(කකුළුවා = ක, හාමුදුරුවෝ = හා)

කවියට වස්තුවූ කතාව:-   සිල්වත් වෙස් ගත් මහණෙකි. හිමිදිරියේ පිඩු සිගා වඩිති. කක්කුට්ටෙකී. ගුලෙන් එළියට හිස දමා, වමට බරව පා තබා ආහාරයට යමක්  සොයන්නට එළියට ඇදෙයි. ශ්‍රමන උත්තමයන් කකූළුවගෙන් කොයි යන්නේදැයි විචාරා සිටි.  තමාද යමක් සොයා ගුලෙන් එලියට ආ බව කක්කුට්ටා කියයි. 
එක්වරම සිලවත් වෙස් ගත් මහණ තෙම දිව පිනා යන කකුළු ඩෙවල් රසකින් මුලාවට  හා මෝහයට පත්ව, කකුළුවා දානේට පට්ට සම්බෝලයක් බව කියා සිටි.  උන් හිටි තැන් අමතක වූ කකුළුවා, තමාට කී අමන කතාවට,  මුඩු හිස පැලෙන ලෙස  එම හිස් මිනිසාගේ මුහුනටම සාප කරයි.


වෙල් කක්කුට්‍ටාට තිබූ ගට, දහිරීය, අපේ වරිගයට අද නැත, සිල්වතුන්ට ගරු බුහුමන් කිරිමටත්, ජඩයන්ට පුකට පයින් ගැසිමටත් අප සියලු දෙනාට ශක්තිය වාසනාව උදාවේවා...........!!!!


සටහන : විමුක්ති ලියනගේ